Monday, October 18, 2021

02. මගේ යාපනය 2


පේරාදෙණිය සරසවියට පැමිණි මුත් දෙමල යාලුවෙක් සොයා ගැනීමේ පිපාසය හිතේ හැටියට සංසිඳවා ගැනීමට පිනක් නොවුනි. අපි එකම විශ්ව විද්‍යාලයේ හිටියද , අපි අතරේ වුවේ දුරස් බවකි. සරසවියට එන්නට පෙර මා හීන දුටු කොණ්ඩයේ මල් ගසා , පොට්ටු තියා අත් වැල බැඳ දෙමළ මිතුරියන් සමග කෝවිල් යන එකමුතුවක් දර්ශනයක් දකින්නට නොහැකි විය.
ඉතා කෙටියෙන්ම කියන්නේ නම් අපි රැග් වුවේද වෙනමය, Social ගත්තේද වෙනමය. එකට හන්තාන නැග්ගේ ද නැත. ඉංග්‍රීසි පන්තියේ පමණක් අපි එකට පැය ගණනක් ගතකලද නොයා බැරිකමට ගිය නිසා අපි යාලු මිත්රකම් හැදීමට තරම් යහපත් මනසක ඒ දේශන වලදී අපි නොහිටියා හෝ එසේ නැත්නම් අපි කොහොමත් ලොකු ඇයි හොදය්යක් නැති උන් ලෙස හිටියා වන්නට ඇත. අපේ මහා ශිෂ්‍ය සංගම් වල වූ මහා තැන් වලටත් අපි දෙගොල්ලන්ගේ සමගිය මේ රටට කොපමණ අවශ්යදැයි අමතක වී තිබුන වග මතක වන්නේ දැන්ය. ඉතා හදිසි අවස්තාවක හැරුණකොට අපි නෙවාසිකාගාරවලදී ද උන්නේ සිංහල දෙමළ ළමුන් වෙනමය. ඉතා සුළු තරයක් උදේ හවා හිනා වුවද කතාකලද ඒ හදිසියේ බස් නැවතුමේ සිදුවන අන්දමේ කෙටිම කතාය. කතා පෙට්ටියක් වූ මට පවා ලොකු කතාවලට යන්නට නොහැකි විය. ඊට භාෂා ප්‍රශ්ණයද හරස් වන්නට ඇත. එහෙත් ඒ පුංචි කතාවලින් ඉතිරි වුනු අපේ මතක මා සතුව නැත්තේම නොවේ
අපි රාමනාදන් ශාලාවේ නේවාසිකව උන්නෙමු. පළමු වසර අප හිටි කාමරයට අල්ලපු කාමරයේ වූවේ වලස්මුල්ලේ සහ හෙට්ටි මුල්ලේ සිට පැමිණි සිංහල මිතුරියන් දෙදෙනා හැරුණු කල එහි අයිතිය තිබු අනෙක් සඟයා වූවේ "සින්ධුජාය" ය හොද උස මහතකින් යුතු "සින්ධුජා" බොහොම අහිංසක චරිතයක් විය. ඇයගේ නිශ්ශබ්ද කමට හේතුව ඇයගේ කාන්තා ලාලිත්‍යය මුසු තැන්පත් ගතියද? එසේ නැත්නම් අපේ ජාති ප්‍රශ්ණයද? යන්න මට හිතා ගන්නට අදටත් නොහැකිය. එහෙත් ඒ කිසිවක් නොව ඇය සැබවින්ම අහිංසකය යන්න අදටත් මට හිතීම වෙනස්වන්නේ නැත.
කෙසේ වුවද "සින්ධුජා" යනු යාපනයේ සිට පේරාදෙණිය සරසවියට පැමිණි; ඒ අවුරුදු හතරටම තමන්ගේ යාපනයේ ගෙදරට යා ගත හැකි නොවූ තරුණියකි. සතියක් දෙකක් ගෙදර නොගිහින් ඉන්නට බැරි සාංකාවක් තිබුණු අපි ගෙදර දුවද්දී ඇය කොළඹ නෑදෑ ගෙදරකට ගොස් ආවාය. ඒ පිලිබඳ කිසිදු බරක් පතලක් නොමැතිව විමසු විටද ඇය කීවේ ගෙදර යන්නට ඇය නැවකින් යායුතු බවකි. එදා උතුරේ වූ තත්ත්වය නොදැන හිටියද අද ඒ තොරතුරු දැනගන්නා කල මට සින්ධුජා ගෙවූ ජීවිතයේ කටුක දුක්ඛිත බව නැවත නැවත මාව පසු තැවීමකට හිරකරයි. එකල අපිට ඇය ඇතුළු දෙමළ මුස්ලිම් මිතුරියන්ට තවත් ලංවිය හැකිව තිබුනානම් ඔවුන්ගේ දුක බෙදාගන්නට යම් තරමකින් හෝ හැකිවන්නට තිබුණා මෙන්ම අපි අතර වූ අපිත් නොදන්නා විරසකය යම් දුරකට අකා මකා යන්නට ද ඉඩ තිබිණි. එසේනම් අද යාපනේ යද්දී සින්ධුජා ඇතුළු යහළු මිත්‍රයින් පේරාදෙණි පවුලේ නෑදෑකම තුරුළුකොට මුණ ගැහෙන්නට තිබිණි. අවාසනාවට A 05 කණ්ඩායමේ සින්ධුජා ගේ හෝ අන් යාපනේ දෙමළ මිතුරියන්ගේ සම්බන්ධතාවයන් නැති විය. ඒ මතකය අදටද මගේ හිතට ලැජ්ජාවක් මෝදු කරවයි.
එකල යාපනේ සිට පැමිණි බොහෝ දෙනෙක් අවුරුදු හතරටම ගෙදර නොගිය වග මට දැනගැනීමට ලැබිණි.එක දවසක මගේ අතින් මෙලෙස කවියක් ලියවුණි. එහි ඇත්තේ බොහෝ ප්‍රාථමික කාව්‍ය ලක්ෂණ වුවද ඒ ප්‍රස්තූථයට මගේ හදවතින්ම ආදරය කරමි. එදාට වඩා මට සින්ධුජා ලගේ ආදරය ලබන්නට ලොබ බඳිමි. වයසින් මුහුකුරායත්ම තේරෙන අවබෝධවන සත්යය කටුකය. එදා සරසවි වල වූ ශිෂ්‍ය ව්‍යාපරවලට බලෙන් රැග් සීසන් තියා එකිනෙකා හදුන්වා දෙමින්, එකිනෙකාගේ දුක තේරුම් ගන්නට, සහජීවනයෙන් ඉන්නට මෙන්ම විශ්ව විද්‍යාල උප සංස්කෘතිය අපිට දියකර පොවන්නට උත්සහ ගනිද්දී මෙරට උගත් පරම්පරාව ලෙස මේ රට අවශ්‍යම වූ සමගියේ අරුනළු සරසවි ලෝගුව අතරින් බෙදා හරින්නට නොහැකි වූ කාරණාව තේරුම් ගනිමින් සිටිමි. අපි තුන්ගොල්ලෝම එකට රැග් කරානම් අදටත් අපිට අපි ඉතිරිවන්නට තිබිණි. දේශපාලකයන්ට කිසිදු විටක මෙරට සමගිය අවශ්‍ය නොවූ අතර ඔවුන්ට අවශ්ය වූවේ අහිංසක සිසුන් පාවිච්චි කරමින් හෝ බලය ලැබීමය. උපාධි පිට උපාධි ලැබුනද ඒ යුගයේදී අපි හිටිය තැන, අපි හිතපු හැටි ගැන අමුතුවෙන් කීමට යමක් නැත්තේය. අදටත් අපි අපේ Get together තියන්නේ සිංහල ළමුන් වෙනමය, දෙමළ ළමුන් වෙනමය. ඉතින් අපි කොයි තරම් දුප්පත්ද තාමත්. එහෙයින් එදා අපිට නොලැබුන, අපිත් නොදැන නිහඬවම ගෙවී ගිය අපේ සිවු අවුරුදු මතකයන් වෙනස් කරන්නට ආපස්සට යන්නට නොහැකි වුවත් අද සරසවි වල සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වයට කියන්නට ඇත්තේ ඔබේ එක මිතුරු හිනාවකට හුස්මකට; මහා යුධ දුම් ක්ෂණයකින් නිවාලිය හැකි වගය. එදාට දේශපාලන ගිනි දෙන්නන් හට ඒ ගිනි තමන් වෙතම තබාගැනීමට සිදුවනු ඇත.
කිවියයුතු තවත් කතා මගේ හිත මත පෝලිම් ගැසී බලා හිදී. එතෙක් මම මගේ යාපන ප්රේමය A -9 පාරේ කෙළවරක රඳවමි.
යාපනයේ සිටින අම්මාට,
ලංකාවේ උතුරු කොනේ
යුද දුම් අතරින් රිංගා
ආවෙමි මා ශිල්ප ගන්න
රට මැද්දේ සරසවියට
වසර ගණනකින් නොදිටිමි
ආදර අම්මේ ඔබේ මුව
වෙනද වගේ පොට්ටු තියන්
අම්මා කෝවිල් යනවද ?
සිවනාදන් චූටි මල්ලි
මාව මතක් කරනවාද?
අප්පා ගේන තල් ගෙඩිවල
කිරි තාමත් රසයි නේද?
මගෙ යාළුවා තංගමනී
බැඳලා ගිහින් හුගක් කල්ද?
සඳ මැදියම කාමරයේදී
මතකෙට එනවා අම්මව
දමා එනු හිතයි විගහට
සරසවියද උපාධියද
මම ආවොත් හෙට උදේම
අම්ම තරහ ගන්නෙ නැද්ද ?
ඊට වඩා සිය ගුණයක්
ඔබට මාව වටී නේද?
මම යාපනයේ පෙම්වතිය
සඳරැසී සුදුසිංහ
මාතර ඉඳන්
sandaraseepriyathma@gmail.com

17 comments:

  1. හ්ම්.. "රාමනාදන්" ශාලාවේ අදිසි දේශසීමා, අදටත් වැජඹෙන දේශපාලනයේ නිරුවත "Divide and rule", සමාජවාදීන්ගේ "කුට්ටි කල" සහෝදරකම. හිතන්න බොහෝදේ ඇති ලිපියක්. මේ ලියන රටාව හොඳයි.ඔහොම යං. 🤔👌🙏

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! කියවන්න ආවාට හා ඇගයීමට!

      Delete
    2. මගෙ අම්මා හිටියෙ රාමනාදන් ශාලාවෙ. ඒ කාලෙ වෙනස්.

      Delete
  2. සමාරවිට එයාල කතා කරන්න බය වෙන්නත් ඇති. අපේ සමහරුත් ගෝත්‍රවාදය කර පින්නාගෙන නෙව ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම නොවුනානම් කොයි තරම් හොඳද?

      Delete
  3. බොහොම හොඳයි. ආයෙ එන්නම් කියවන්න. දිගටම ලියන්න.🙏

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ඔයාක්ලාගෙ පැමිණීම මහත්වූ හයියක්!

      Delete
  4. මෙන්න මේක බලලා, "සිතුවිලි" සිංඩියේ(https://sithuvili.net) රෙජිස්ටර් වෙන්න.
    https://balunakuta.blogspot.com/2021/10/blog-post_18.html?showComment=1634791830508#c4212547307108510237

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! මම මාතලන්ගේ සින්ඩියට යැව්වා! ඒත් පලවී තිබුනේ නෑ!~

      Delete
    2. ඔය සිංඩිවල තියෙන අවුල තමා, නිසි නඩත්තුවක් නැති කම.
      වරදක් කියන්නත් බෑ, ඒ අයත් කුටුම්භ රක්ෂණයට හිරවෙලා ඇති.

      දැනට, අපට කරන්න හැකි දේ, අපේ බ්ලොග් වල "බ්ලොග් රෝලෙ" එල්ල ගන්න එකයි. එතකොට පෝස්ට් බලන්න එන, අය අනිත් අයගෙ අලුත් පෝස්ට් දකින්න සම්භාවිතාවක් තියනවා.

      මමත් මේ බ්ලොග් එකත්, අනිත් අලුත් බ්ලොග් ටිකත් එල්ල ගත්තා. ඔබත් බ්ලොග් රෝල ගැජට් එක, පැත්තකින් එල්ල ගන්නව නං හොඳයි.

      උදව්වක් අවශ්‍ය නම් කියන්න.

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. https://chandimagomes.blogspot.com/2021/10/blog-post_8.html

      Delete
  6. මට නම් මුණ ගැහුනෙ වැඩියම හොඳ මිනිසුන්
    ලැබු අත්දැකුම් සිහි කරනුයෙ ආදරයෙන්
    කොයි ජාතියෙත් ඉන්නව අවජාතකයන්
    ඒ වගෙමයි උතුම් ගති ඇති උත්තමයන්

    හිතේ තෙතමනය තව වැඩි කරන්නට
    උත්තම මිනිස් හැඟුමන් ගැන කියන්නට
    තව දිග කලක් මේ වැනි ලිපි ලියන්නට
    හැකිවේවා පතමි සුදු සිහ ධේනුවට

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete

07. මගේ යාපනය 07

  රාජන් හූල් නම් මහා පොත සොයා ගියෙමි . ඇත්තම කියන්නේ නම් මට හිතෙන්නේම මගේ දෛවය විසින් මම යාපන අහසට තියා ඇණ ගසා ඇති වගකි. යාල් පානම් ආදරය මග...