මගේ යාපනයේ මගේ කතාවේ පේරාදෙණිය තුල තනිවුනු යාපන හීනය සතු එක මතකයන් අදටත් මතකයේ ඇත්තේ කිසිදු නව මතක සායමකට මකනු බැරි ලෙසිනි. එදවස අපි උන්නේ පේරාදෙණිය සරසවියේ අවසන් වසර පංතියේය. එක දේශනයක් අවසන් වී එලියට පැමිණි ඇසිල්ලක දී හදිසියේම යමෙක් කීවේ ‘’අද යාපනේ පුෂ්පරත්නම් සර් ඇවිත් ඉන්නවා’’ යනුවෙනි. යාපනේ සිට පැමිණි මහාචාර්ය පී.පුෂ්පරත්නම් දකින්නට අපිට වූයේ කුතුහලය මුසු කැමැත්තකි. එය අපි කැමති නළුවකු දකින්නට දැක ගැනීමට වූ කැමැත්ත මෙන් වූ හැගීමකි. ඇතැම් විටක පතපොතෙහි දුටු පුෂ්පරත්නම් සර් බලන්නට අවශ්‍යය වුවද ඔහු සමග කතා කලයුත්තේ මොනවාදැයි කියා නිනව්වක් තිබුනේ නැත. ගෙදරට අමුත්තෙකු ආ විට කුඩා කල දොර රෙද්දට මුවා වී බලන අයුරින් අපි පුෂ්පරත්නම් සර් දෙස බැලුවෙමු. මගේ මිතුරිය චිත්‍රමාලා තරංගනී එවකට උන්නේ නාණක විද්‍යාව හෙවත් පුරාන කාසි පිලිබඳ අධ්‍යනයක් සිදුකිරීමේ කැමැත්තෙනි. ඒ නිසාම තරංගනී අවශ්‍යය වූයේ මේ විද්වතා සමග කතාකරන්නටත් යාපනය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතුව තිබෙන වගට කියවා තුබූ හස් එබූ කාසි පිලිබඳ අසන්නටය.
ප්‍රධාන කලාගාර ගොඩ නැගිල්ලේ පිහිටි දෙමළ භාෂා දෙපාර්තමේන්තුව ඉදිරිපිට කොරිඩෝරයේ උන් ඒ අමුත්තාට ලං වීමට හිත පසු බෑවද මට ඔහු සමග කතාකරන්නට නැතත් ඔහු දෙස ලඟින් බලන්නට තිබු ආශාව නිසාම "යමු යමු ගිහින් කතාකරමු’" කියා මම මගේ මිතුරිය තල්ලු කරගෙන පුෂ්පරත්නම් සර් වෙත ගියෙමි.
එදා මට කතාකල දේ මතක නැතත් තාමත් පුෂ්පරත්නම් සර් අපේය යන හැගීමක් හිතට එයි. ඒ ඔහුත් අපිත් පුරා විද්‍යාවට සම්බන්ධ නිසා මෙන්ම අපි මුලින්ම දැනහදුනාගත් යාපනේ අයෙකු නිසා එහෙම හිතෙනවා දැයි මා නොදනිතත් ජේතවනාරාම ව්‍යාපෘථියේ පුහුණුව ලැබීම නිසා එය "අපේ ජේතවනය" වූවා සේම; පුරා විද්‍යාව; යාපනේ ජීවත් වූ පුෂ්පරත්නම් සර් නිහඬවම අපේ විය.
මේ වනවිට කීපවතාවක් පුෂ්පරත්නම් සර් මුණ ගැසුනද වචනයක් කතා නොකලද කවුරුහරි යාපනේ යැයි කී පමණින් මට පුෂ්පරත්නම් සර් ගැන කියවේ. මේ සියල්ල මගේ හිතේ තිබූ යාපනය කෙරේ වූ උන්මාදය නිසා හෝ අපේ යටිහිත යාපනයෙන් බලාපොරොත්තු වූ හිතවත්කම කෙරේ වූ රික්තකය යම් පමණකින් හෝ පුරවා ගැනීමේ හැගීමද විය හැක. කෙසේ වුවද ඊලග වතාවේ යාපනේ ගියවිට ඔහු හමුවීමට මම අදිටන් කර සිටිමි.
අදටත් මගේ මිතුරියත් මමත් හමු වී අපේ අතීත කතා රසවිඳින කල මේ නම්ගම් අපි කතාකරන්නේ "අපේම" කෙනකු ගැන කතාකිරීමේ හැගීමෙනි. එදා වගේම ඔහු අපි පිළිගනු ඇත. මෙදා ඔහු මුණ ගැසෙන විට ඔහුගෙන් අහන්නට දැනගන්නට බොහෝ දෑ ඇත. එක වචනයක්වත් කතානොකර අපි මේ හැටි ආදරේකින් ගෞරවයකින් ඔවුන් වෙත බැදී ඇත්නම් අපි සැබෑවට ඔවනොවුන් එකට මුසු වී නම් එකිනෙකා වෙත කොපමණ ගරුත්වයකින් ආදරයකින් කටයුතු කරාවිදැයි යන්නට උදාහරණ අවශ්‍යය නොවේ පුෂ්පරත්නම් සර් ගේ මතකය ලගට සිටිනා මතකය කබිලන් අයියාය.
කබිලන් අයියා සොයා කොඩිකාමම් යන්නට මේ දැන් මම දුම්රිය ප්‍රවේශ පත්‍රයක් වෙන්කර ගැනීමට මාතර ස්ටේෂමට යා යුතුය. එන්න කැමති කෙනෙකු වේනම් එන්න මාත් එක්ක.
මම යාපනයේ පෙම්වතිය
සඳරැසී සුදුසිංහ
මාතර ඉදන්
sandaraseepriyathma@gmail.com
අලුත් පෝස්ට් එකක් දාලා තියනව දැක්ක ගමන් ආවා පිඹගෙන. මේ. කෝච්චියෙ නේද යන්නෙ?
ReplyDeleteමොබයිල් එකෙන් හරි කමක් නෑ, පිංතූර ටිකක් දාන්න ඈ? ඉස්සො වඩේ කාරයො වුනත් කමක් නෑ. කවුරුත්ම නැහ්නං, සිල්පරං කොටන් වුනත් කාරි නෑ.
යාපෙනෙත් බල්ලො ඇති නේද? අනේ හම්බ වුනොත්, මම "බුහ්" කිව්වයි කියල කියන්න, ඈ?
සුන්දර කථා බහක්! ලියන්න!
ReplyDelete🙏👌😊
ReplyDeleteම්ම්ම්ම්... එතකොට යාපනේ යනව ඒහ්.. හ්ම්ම් 🙂🙂
ReplyDeleteඔය මෝර මිරිස් ටික්කුයි තට්ට වඩේක්කුයි ඇරං එන්ට 😃😃😃
මතක් කරල ආවම පිංතූර කීපයක් දානට ඔන. 😃
අහම්බෙන් ගොඩඋනේ, කියවන්න පොළඹවන මාතෘකාවක්. නැවතත් ඒමට බලාපොරොත්තු වෙමි.
ReplyDeleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "4. එන්න මගේ ප්‍රිය මිතුරෝ (නැවුම් බ්ලොග් නිර්මාණ)" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න
ReplyDelete